පාළු සුසානයක ශීතල මළ සිරුරක් සමඟ රමණය හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය
ලාංකිකයාගේ විවාහ ජීවිතය ඉතාමත් සිත් ගන්න සුළුය .සාමකාමිය .දිනෙන් දින දියුණුවට පත්වෙමින් පවතී.ඉඳහිට පවත්වන ළමයින්ගේ උපන්දින උත්සව , සැමියාගේ බිරිඳගේ විවාහ සැමරුම් උත්සව වලින් එය තවත් අලංකාර වෙයි.හදිස්සියේ ලැබුණු උසස් වීම් නිසා පවුලේ අනාගතයේ නව බලාපොරොත්තු දැල්වෙයි .
උදේට තම දරුවනුත් සමග කාර්යාලයට යාම පිණිස ලස්සනට ඇඳ පැළඳ නිවසින් පිටත් වන මෙම යුවලවල් දැකීම ,දකින්නාගේ දවස ද සුබදායක කරවයි.සති අන්තයට තමා දරුවනුත් සමග අලුතින් මිලදී ගත කාරයෙන් තම දෙමවුපියන්ගේ නිවෙස් වලට මොවුන් එන හැටි බලා දෙමවුපියන් සතුටු කදුළු වගුරවයි ."අපි අපේ යුතුකම් හරියට ඉෂ්ට කළා." ඔවුන් ආඩම්බරයෙන් අවට අයට කියයි
.කලින් වැඩ ඇරී ආ දවස් වලට මොවුන් කරන්නේ සාප්පු සවාරියේ යන එකය .එදින ඇඟ සෝදා ගෙන ළමයිනුත් සමග මොවුන් කාගීල්ස් ,කීල්ස් ,හෝ සුපර් මාකට් එකට යයි .ස්වාමියා කොට කලිසමකින් හා අත් කොට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී සිටී .ස්ලිපර්ස් දමාගෙන පැමිණ ඇත්තේ පහසුවටය තම වාහනයේ යතුර තමාගේ මංගල මුදුව ඇති ඇගිල්ල ලඟම ඇඟිල්ලට දමා කරකවමින් සිටින්නේ තම බිරිඳ සේම තම වහනයද , තමාට එකසේ වටින බව කියාපාන්නට මෙනි.
බිරිඳ ඩෙනිම් ජීන්ස් එකකින් හා සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී ඇත . ඇයගේ අතේ සැමියාගේ සෙල්ෆෝනය නිතර රැදී ඇති අතර සැමියාට ඇමතුමක් පැමිණි විගස ඇය පළමුව කතාකර එය සැමියාට දෙයි .එය ඔවුන්ගේ අන්නෝන්‍ය විස්වාසය පිළිබද අපේ ඇති විශ්වාසය තවත් වැඩි කරවයි .ළමයින් දෙදෙනා සුපර් මාකට් එක තුල නිදහසේ කෑගසමින් දුව යයි .බිරිඳ ට්‍රොලියක් තල්ලු කර
මින් දරුවන්ට හා නිවසට අවශ්‍ය බඩු එකතු කරයි .
සැමියා අත් දෙක බැදගෙන ආඩම්බරයෙන් වට පිට බලමින් ඇය පිටුපස යන අතර ඉඳ හිට රේසර් එකක් ,ෂේ්වින් ක්‍රීම් ක්‍රීම් එකක් ගෙන ට්‍රොලිය තුලට දමයි .එමෙන්ම ළමයින් තොර ගෙන එන චොකලට් ටිපි ටිප් වැනි දේ ගෙන ඒවාද ට්‍රොලියට දමයි .
අවසානයේ දී ඔහු බිල ගෙවන අතර සියල්ලන් එලියට විත් සුපර් මාකට් එකේ සේවකයෙක් තමන් ගත බඩු සියල්ල උස්සගෙන විත් කාරයේ ඩිකියට දමනු සතුටින් බලා සිටියි .මේ දෙස බලාගෙන සිටින පාරේ බස් වල දහදිය දමමින් තෙරපෙමින් යන අයගේ සිත් තුල විවාහ ජීවිතය ගැන උණුසුම් බලාපොරොත්තු ඇතිවෙයි .
කාර්යාල වෙලාවේ ඉඳහිට එන ස්වාමියාගේ හෝ බිරිඳගේ දුරකථන ඇමතුම විවාහ ජීවිතයේ අවබෝධය සුරක්ෂිතභාවය තවත් වැඩිකරවයි.
එසේත් නැත්නම් බිරිඳ විසින් ඔතා එවූ දිවා ආහාරයේ සශ්‍රීකත්වය ,සැන්දෑවට ලැබෙන දොඩම් වීදුරුව ,හෝ කිරි කෝප්පය ,ඉඳහිට හදන කේක් එක ,පුඩින් එක විහාහ ජීවිතයේ රස පිළිබඳ බලන් ඉන්නන්ගේ ආශාව වැඩි කරවයි .හදිස්සියේ බිරිඳ/ස්වාමියට ලෙඩක් හැදුනු විට ස්වාමියා/බිරිඳ/ඇයට/ඔහුට සලකන ප්‍රමාණය දකින අයට තමාත් රෝගියෙකු වීමේ ආශාවක් පහල වීම පුදුමයට කරුණක් නොවේ .
කෙසේ හෝ අඳුනන දොස්තර වරයෙකුට කියා දැනට ඇඳක ඉන්න ලෙඩෙක් බිමට දමා තම ස්වාමියා හෝ බිරිඳට ඇඳක් අරන් දී දොස්තර වරයා තහනම් කරන කෑම පවා හොරෙන් ගෙනත් දී තම දොස්තරවරයා ද ,නර්ස් ද ,ඇටේන්ඩන්ඩ් ද, ලේබර් ද , අවසානයේ මුළු රෝහල ද ,බවට පත් වෙන ආදරණීය සැමියන් /බිරිඳන් අපට දැකිය හැකිය .
සැන්දෑ කාලයේදී ස්වාමියා හා දරුවන් නිවසට අලුතින් ගත් වහනය සෝදයි .
මල් වලට වතුර දමමින් සිටින බිරිඳ
ඒ දෙස ආශාවෙන් බලාගෙන සිටින අතර එය දකින සමහරුන් යන්න යන ගමන අතරමග අතහැර කපුවන් සොයයි .යම් දිනක රාත්‍රියේ කවුරුන් හෝ යම් නිවසකට ගිය විට ඔහුට ඒ ගෙදර සැමියා බිරිඳ දරුවන් කෑම කමින් ප්‍රීතියෙන් සිනාසෙමින් ටෙලි නාට්‍ය බලන ආකාරය දැක ගත හැක .
මේ ලංකාවේ විවාහකයින්ගේ ජීවිතය අපට දර්ශනය වන එක් ආකාරයකි .ලාංකිකයන්ගේ විවාහයේ තවත් පැතිකඩක් ඇත . (මතු සම්භන්ධයි )
උදේට තම දරුවනුත් සමග කාර්යාලයට යාම පිණිස ලස්සනට ඇඳ පැළඳ නිවසින් පිටත් වන මෙම යුවලවල් දැකීම ,දකින්නාගේ දවස ද සුබදායක කරවයි.සති අන්තයට තමා දරුවනුත් සමග අලුතින් මිලදී ගත කාරයෙන් තම දෙමවුපියන්ගේ නිවෙස් වලට මොවුන් එන හැටි බලා දෙමවුපියන් සතුටු කදුළු වගුරවයි ."අපි අපේ යුතුකම් හරියට ඉෂ්ට කළා." ඔවුන් ආඩම්බරයෙන් අවට අයට කියයි
Add caption |