Search This Blog

Monday, February 27, 2017

ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල

ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල

නාරද විජේසූරිය ලෙන්ගතු වගේම  විවෘත මනසක් තිබෙන, පුළුල් චින්තනයකින් හෙබි මිතුරෙක්. මහගමසේකර,ඛලීල් ජිබ්රාන්,ඕෂෝ,ඛයියාම්,කොයියෝ,දර්ශනය ගැන කතාකරන්න සුපිරි චරිතයක් .අත්දැකීමෙන්ම ලත් පරිචයක් ඔහුගේ ජීවිතේ  දාර්ශනිකයෙක් කරලා කියල මට නම් හිතෙන්නේ.
වයින් වීදුරුවක් සමග ඉඳ හිට  මමත් ,මහේෂ් නිශ්ශංකත්, නාරදත් එකතුවෙලා ජාත්‍යන්තරයට මුදාහරින වැඩසටහන් හරිම විවෘතයි. අපි ජීවිතය ගැන කතා කරන්නේ හරිම නිදහස්ව.

මේ ඉන්නේ නාරද..

වැඩිපුරම ප්‍රංශයේ හරි ඩුබායි ඉන්න නාරද  අද උදේම මාව සොයාගෙන අවා. ලංකාවට ඇවිත් තිබුණේ අපුරු තෑග්ගක් අරගෙන. ඔබත් සමග තෑග්ග බෙදාගන්න  හිතුව.අලුත් ගීත කිහිපයක් ඔහු ගෙනවිත් තිබුණා. මේ ඉන් එක ගීතයක් . නාරදගේ වචන ටික අපුර්ව අත් දැකීමක්. අපේ කියන අත්දැකීමක් කිවොත් නිවැරදියි.

පද ටික මෙහෙමයි

මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වේලා උයනක වෙරළක
 එදා වාගේ හමුවන්නට සුන්දර හවසක
 හිනමවනවද හිරවී හිමි නැති පපුවක

රුදු වදන් කටු  ඇණි හීරුනු සමනළ තටු වල
 මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
 සුර ගගක් ගලා ගිය නිම්නෙක
 නොතෙමා යටි හිත
 පිනි බිදක් වේලා තිබුනත් ඇති ආදර පවසට



 අකුරු වලට පෙරලේන්නැති  දරදඩු සුසුමට
 මිතුරු ඇස් වලින් සගවන   උණුසුම් කදුලට
 ඔහේ ගලායන්න ඉඩදී හිත  ඉල්ලන තාලෙට
 ආදරේ හොයමු අපි ඉස්සර   හංගපු තැන වල


ගීතය ගයන්නේ අමරසිරි පීරිස් .හැමදාමත් හැගුම් වලට පන දෙන්න ඔහු සමත්.සංගීතය කපිල අපරැක්කගෙන්.

ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයක් .සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබා ගත නොහැකි සංවේදනාවක් .ආදරය නොමැති දෑතක පැටලී සුසුම් ලන - සමාජ සම්මතයේ ගොදුරු බවට පත් වූවන් ගෙන් මේ ලොව පිරිල .

සමහර විටක අතීත ප්‍රේමයක නටබුන් අතරේ අනන්ත සිහින සැඟවී තිබිය හැකි බව මේ ගීතයෙන් දනවනවා.


දැන්  අපි ආදරේ හොයමු ඉස්සර   හංගපු තැන වල...සුන්දරතම ගීයක්. රස විදින්න.


No comments:

Post a Comment