Search This Blog

Sunday, February 26, 2017

අවසානයේ ඇරඹුම

මෙහි එකතුවන සටහන් මා මගේ කෝණයෙන් දැකීමකි.එය ඉතාම පටු කෝණයක් විය හැකිය. සක්වලෙහි අංශුමාත්‍ර ලෝකයක, අංශුමාත්‍ර රටක, අංශුමාත්‍ර මිනිසෙක් ලෙස , ජීවිතයේ  නිමේෂය,  මෙහි සටහන් තබමි. සමහර විටක එය  දුර සිට ගන්නා ලද ,වඩාත්ම දුරින් සිටින ඔබගේ සමීප රූපය විය හැකිය.

භෞතිකවාදී සමාජයක  අංශු මාත්‍ර විඛණ්ඩනය


ජීවිතේ තේරුම් ගත් මිනිසුන්  සටහන් තැබූ බොහෝ දේ ජීවිතයට   පරිනත බවක් ලබා දෙන්නේ පුදුමාකාර ලෙසය. 

  "ආරම්භයේදී ලෝකයේ අසාධාරණය තිබුණේ බොහොම සුළුවෙන් හැබැයි පස්සේ ආපු හැම කෙනෙක්ම ඒකට  තමුන්ගේ කොටස එකතු කළා.එහෙම කළේ හැම වෙලාවේම ඒක බොහොම  සුළු නොවැදගත් කියල හිතල තමයි .දැන් බලන්න ඒක අද වෙනකොට කෙලවර වෙලා තියෙන්නේ කොහෙන්ද කියල ".

   මේ කතාව කියන්නේ පාවුලෝ කොය්යෝ . ජීවිතය විඛණ්ඩනය කරලා බලන්න පොලොඹවන්න   ඔහුගේ කෘතීන් සමත්.  නිර්මාණයන් තුලින්  නිර්මාණකරුවා සොයන්න ,ඔහුව තේරුම් ගන්න පුලුවන්නම් එය අහඹුවක් නෙවෙයි. 


The alchemist කියවන්න වටින කතාවක් .ජීවිතේ හුගක් දේ    මගහරවාගන්න අපිට වටින කතාවක් කියා දෙනවා.

පොතක් හොයා ගෙන කියවන්න හිතන අයට මේ සාරාංශය වැදගත්.



No comments:

Post a Comment